ලොව ඇති සියළු දුක් විඳ
අප ලොවට දායාද කල
අම්මා.....
සයුරු රළ මැඩ
කඳු මුදුනින් ගලනා
ස්නේහ ගංගාව..,
අම්මා....
ළය කඳුළැලි කිරි කොට
ඒ කිරෙන් මුව දෝවනය කළ
අම්මා....
ලොවක් හිම කැට මෙන්
දොර කවුළු මත
රැඳී සරදම් කරන යාමේ..
සෙනෙහසේ සුවඳින් මා සිත පිරවූ
අම්මා.....
මිනිස්කම් නැති කටුක දේසේ..
හමා ආ සරදම් තැවුල් සැඩසුළං
නිවා සනහා....,
ස්නේහයේ මඳනලින් මා සුවපත් කල මල් සුවඳ...
අම්මා....
ජාති ජාතිත් ණයගැති මේ පිදූ සෙනෙහසට.......
-පසන් අකලංක පතිරණ
Lassanai ayye
ReplyDeleteසිරා මචං.ලස්සනට ලියලා තියෙනවා.
ReplyDeleteඅම්මා පෙව්කිරි කඳුලෙන් -මේ ලොව මෙතරම්
හැඩ උනේ.......
ස්තුතියි අරා....මේක මං ටිකක් කාලෙකට කලින් ලියපු එකක් මචං...ගොඩ දවසක් නිර්මාණ නොකර ඉඳලා...මගේ ලිවීමේ හැකියාව මොට වෙලාද කොහෙද....
ReplyDeleteනියමයි මචං
ReplyDeletekeep it up
thanx machn...!!! :)
ReplyDelete