වලාකුලු වලටත් හොරෙන්..,
හිරු සඳු මඟ හැර...
හැරී බැලුවෙමි ඔබ ඒ දැයි කියා...
අහෝ...!!
ප්‍රේමයේ පාලම කැඩී...
විරහ ගඟට වැටුනු සැටී..
හදවත දියරැල් මැකී...
කඳුලෙහි ගිලෙනු පෙනී...
ජාති ජාතිත් ආදරේ කී
ඒ දෙතොල අද....
වහසි බස් බැණ හිතට ගිණි ලා.,
නෙත් දහසක තරම් කඳුලු වගුරුවා....
මිතුරා : මොකට ඔය හිත තලා ගත්තද..?
ආදරේ දුන් වේදනාවට...
වැටී හද තුල තැනූ මාලිග
දෙපා පාමුල කඩා වැටුණිද?
එහෙත්....
මේ අහසට බෑ දරා ගන්න යාළුවේ....
ඒ බිඳුනු ප්‍රේම කඳුලු වැස්ස...
මා පුර සඳ නම්....ඔබ මා වැසූ
ඝණ මේඝ වළාකුල නොවෙද??
එසේ.......
බිඳුණු ලෝකය රැගෙන දෝතට..
මා බලා සිටි ඒ පැයේ දී.....
වෛරයේ ගිණි සිළුව වෙනුවට..
එකම කඳුලක් ඔබෙන් මට ලැබුනා නම්......
-පසන් අකලංක පතිරණ
නියමයි පසන්.දිගටම ලියපන්.
ReplyDeleteNICE AYYE!! KEEP IT UP.
ReplyDeleteITALY
ReplyDelete@අරවින්ද- බොහොම ස්තුතියි අරා...
ReplyDelete@ANU- thanx a lot nanga.....ITALY>>!
ReplyDelete